පරීක්ෂණ අනුවාදයකි. සැබෑ මුදල් අය නොකෙරේ; පොත් යවනු නොලැබේ.

ඒකනායක පොත්
මිශ්‍ර සිංහල ව්‍යාකරණය 1 පොතේ පිටකවරයනියැදියක් කියවන්න

මිශ්‍ර සිංහල ව්‍යාකරණය 1

මහාචාර්ය පුංචිබණ්ඩා ඒකනායක

අකුරු හැටකින් යුක්ත නව සිංහල හෝඩියත් සමඟ මතු වන මූලික ගැටලු විසඳා දෙන, සියලු විද්‍යාර්ථීන්ට ම ප්‍රයෝජනවත් ව්‍යාකරණ ග්‍රන්ථයක්.

ගෙදරටම ගෙනැවිත් දෙන ගාස්තුව රු. 250 සිට. ගෙවීම්: කාඩ්පත, බැංකු තැන්පතු, පොත ලැබුණු විට මුදල්.

මේ වචන දෙක අකාරාදියට පිහිටුවන්නේ කෙසේ ද?

ශිෂ්‍යයෙකුට ඥානය සහ ඤාණය යන වචන දෙක අකාරාදි ක්‍රමයට පිහිටු වන්නැයි කිව හොත් වර්තමාන හෝඩියේ ඥ යන්න දක්නට නැති නිසා ඒ කාර්යය ඔහුට කළ නො හැකි වනු ඇත. එතැන් පටන් මතු වන ගැටලු අසීමිත ය.

පොත ගැන

සිංහල භාෂාව ඉගෙනීම සහ ඉගැන්වීම සඳහා මෑතක් වන තුරු භාවිතයට ගැනුණු අකුරු තිහකට සීමා වූ වර්ණ මාලාව වෙනුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් අකුරු හැටකින් යුක්ත සිංහල හෝඩියක් ප්‍රකාශයට පත් කොට තිබේ. එයට සිංහල, පාලි, සංස්කෘත ඉංග්‍රීසි යන භාෂා කීපය ම සම්බන්ධ කොට ගෙන ඇත. මේ නිසා භාෂා කීපයක සම්මිශ්‍රණයකින් සිංහල විෂය ඉගෙනීමට සහ ඉගැන්වීමට සිදු වී තිබේ.

මෙහි දී අකුරු ලියන පිළිවෙළ, ඉස්පිලි, පාපිලි, කොම්බුව, රකාරාංශය ආදි කොටස් යොදන ක්‍රමය ආදියේ පටන් කරුණු රාශියක් පැරණි ක්‍රමයෙන් බැහැර ව ඉගෙන ගැනීමට සිදු වී තිබේ. මතු වන ගැටලු කිසි යම් ප්‍රමාණයකින් හෝ අඩු කර ගැනීමට උපකාරී වන පරිදි ‘මිශ්‍ර සිංහල ව්‍යාකරණය - 1’ කාණ්ඩය සකසා තිබේ. මෙයට ඇතුළත් නො වන කරුණු ඉදිරි පොත් පෙළකින් දැක්වීමට අපේක්ෂිත බැවින් මූලික ගැටලු කීපයක් විසඳා දෙන මේ කෘතිය සියලු විද්‍යාර්ථීන්ට ම ප්‍රයෝජනවත් ව්‍යාකරණ ග්‍රන්ථයක් වනු ඇත.

මහාචාර්ය පුංචිබණ්ඩා ඒකනායක

මහාචාර්ය පුංචිබණ්ඩා ඒකනායක

‘මිශ්‍ර සිංහල ව්‍යාකරණය’ පොත් පෙළේ කතුවරයා. පාසල්, පොත්හල් සහ තොග ඇණවුම් සඳහා අප අමතන්න.

0772 305 399 · ekanayakebooks@gmail.com

නියැදියක් කියවන්න

පිටකවරය පිටුව 2: කර්තෘගේ වෙනත් කෘති පිටුව 3: මුල් පිටුව පිටුව 4: මුල් පිටුව පිටුව 5: බැති පුද පිටුව 7: පෙරවදන පිටුව 8: පෙරවදන පිටුව 9: පෙරවදන පිටුව 10: පෙරවදන පිටුව 11: පටුන පිටුව 13: භාෂණය හා ලේඛනය පිටුව 14: භාෂණය හා ලේඛනය පිටුව 15: භාෂණය හා ලේඛනය පිටුව 16: භාෂණය හා ලේඛනය පිටුව 17: භාෂණය හා ලේඛනය පිටුව 18: මිශ්‍ර සිංහල අක්ෂර මාලාව පිටුව 19: මිශ්‍ර සිංහල අක්ෂර මාලාව

නියැදිය මෙතැනින් අවසන් වේ

පිටු 132කින් යුත් සම්පූර්ණ පොත ඇණවුම් කරන්න.

දැන් මිලදී ගන්න · රු. 600